කසුන් ආස එකම කෑම ටිකකට. මට ටිකක් බෝරින් එකම කෑම උයද්දී මාධවී ඇන්තනී කියන අමුතු කතාව (PHOTOS)
ගෙවුණු කාල සීමාව පුරාවටම සමාජ මාධ්‍ය හරහා වෙනදාටත් වඩා කතා කෙරුණු රංගන ශිල්පිනියක් බවට පත්වුණා මාධවී ඇන්තනී.කොයි කවුරුත් දන්නවා ජැක්සන් ඇන්තනී කියන ඒ රංගධරයාගේ ආදරණීය එකම දියණිය තමයි මාධවී කියන්නේ.ඇය රංගන ශිල්පිනියක් ඒ වගේම තමයි දක්ෂ ගායිකාවක් ඊටත් අමතරව නිවේදිකාවක් විදිහටත් කලාව තුළ ඇය බොහෝ දෙවල් කරනවා.
පසුගිය කාල සීමාවේදී අපිට අහන්න ලැබුණා මාධවී දෙවැනි වතාවටත් විවාහ වෙච්චි ඒ විවාහයෙන් වෙන් වෙලා කියන කතාව. මුල ඉදන්ම තිබ්බ නොගැලපීම් සහ මතභේදාත්මක තත්ත්ව නිසා තමයි මිලාන් සහ මාධවී මේ විදිහට වෙන් වෙලා තියෙන්නෙ.අවසානයේ ඇය කියන්නේ ඇය ජනතාව අතර ප්‍රසිද්ධ නිසා ඇයගේ පැත්තෙන් විතරක් මේ ගැන මහ ලොකුවට කතා කරන්න පටන් අරන් කියලා
. හැබැයි ඊට වඩා ගොඩක් ගැඹුරු තැන් මේ ප්‍රශ්න තිබ්බා කියලත් ඇය සඳහන් කළා.කොහොම හරි ඒ විදිහට වෙන්වෙලා දුකසේ ජීවිතය ගත කරපු ඇයගේ ජීවිතයට නැවත වතාවක් ආදරණීය පුද්ගලයෙක් ආවා.ඔහු තමයි යෞවනය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ ගී පද රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන පුද්ගලයා. ඉතින් මේ දෙන්නාගේ ආදර කතාව වටින් ගොඩින් එලියට එද්දි දෙන්නම ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා දෙන්නට දෙන්නා ආදරේ කරනවා කියන දේ කිව්වා.
ඒ වගේම තමයි මේ දෙන්නා ඉදිරි අනාගතයේදී විවාහ වෙන්න සූදානම්.බොහෝ වෙලාවට ලබන අවුරුද්ද වෙද්දී දෙන්නම එකම වහළක් යටට යනවා කියලා තමයි සඳහන් කරන්නේ.ඉතින් මාධවී කියන්නෙ නිතරම උයන්න පිහන්න ආස කරන කෙනෙක්. ඒ නිසාම තමන්ගේ ආදරණීය පෙම්වතාටත් රසට කෑම ඇය හදලා දෙනවාලු.ඉතින් කසුන් කන්න කැමති විදිය ගැන මාධවී එක්තරා ප්‍රසිද්ධ වැඩසටහනකදී කිව්වේ මේ වගේ කතාවක්. “කසුන් කන්න කැමති කෑම පොඩ්ඩක් තියෙනවා.ඒවා එයාට හැමදාම වුණත් කන්න පුළුවන් කෑම.
ඒවා තමයි හාල්මැස්සො,සෝයාමීට්,පරිප්පු ඔය තුන තියෙනවා නම් එයා ඕනි තරම් කෑම හැමදාම වුනොත් කයි.මම මොන විදිහේ කෑම හැදුවත් මෙයා ආස අර කෑම ටික හදනවට.”
ඉතින් කසුන්ගෙ ඕනෑ එපාකම් ගැන මාධවී මේ විදියට තමයි කියලා තිබ්බේ.ඉතින් ඔවුන් දෙදෙනාට තවත් බොහෝ කාලයක් සතුටින් ම ජීවත්වීමට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.








