මාධවීගේ අලුත්ම පෙම්වතා මුල්වරට හදුන්වා දෙයි.... (PHOTOS )
ජැක්සන් කලා පවුලෙ වැඩිමහල් දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනී. ඇය දෙවන වර විවාහය සිදුකලේ මිලාන් නම් තරුණියා සමඟයි.නමුත් එහිදී ඇතිවූ යම් යම් ගැටලු තත්ත්වයන් නිසා වෙන් එම විවාහයෙන් ඔවුන් දෙපළ වෙන් වෙනවා.
madhavee මේ පිළිබඳව නිල වශයෙන් පුවත්පත් හරහා දැනුම් දී තිබෙනවා.ඒ වගේම ඔහුගේ ජීවිතයට ඇය විසින් සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඉතින් මේ වෙනකොට අපිට අලුත්ම අලුත්ම සතුටුදායක පුවතක් ඇගෙන් ආරංචි වෙනවා.ඒ තමයි ඇය මේ වන විට පෙම්වතියක් බව.
ඉතින් මේ ගැන එය මුල්වරට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව හඳුන්වා දී තිබුණා.ඔහු නමින් කසුන් මහේන්ද්‍ර හීනටිගල වන අතර වෘත්තීමය වශයෙන් ගීත රචකයෙක් සහ තරුණ අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් කටයුතු කරනවා.
අයගේ අලුත්ම ආදර කතාව ගැන මුළු ලෝකයටම පවසා සිටියේ තම instagram ගිණුම ඔස්සේ ඔහු සමග දිවා ආහාරයක් ලබා ගන්නා වීඩියෝ පටයක් නිකුත් කිරීමෙනුයි. ඒ වගේම ආරංචි වන අන්දමට ඇය විසින් සිදුකරන ලද නවතම ගීතයේ ගීත රචනය පවා සිදුකර තිබෙන්නේ ඔහු විසින්.
ඉතින් මේ විදියට ඇයගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළෙන්නට යන මොහොතේ ඊට ආදරය කරන රසික රසිකාවියන් සියල්ලෝම පාහේ උණුසුම් සුබපැතුම් එකතු කර තිබුණා. ඉතින් අපිත් ඇයට උණුසුම් සුබපැතුම් එකතු කර සිටිනවා.