UDA නව සභාපති පුටුව එම්. ජී. හේමචන්ද්‍රට
නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නව සභාපතිවරයා වශයෙන් සංවර්ධන විශේෂඥයෙකු වන එම්. ජී. හේමචන්ද්‍ර පත් කර ඇත. ඒ අනුව ඔහු පසුගිය දෙසැම්බර් 20 වැනිදා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කර තිබුණා.
ශ්‍රී ලංකාවේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු සහ ණය ව්‍යාපෘති ප්‍රධානියා වශයෙන් ද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.
එසේම ඔහු මින් පෙර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ (CECB) සේවය කර ඇත.
තවද මේ වන විට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) උප සභාපතිවරයෙකු වශයෙන්ද ඔහු කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
යටිතල පහසුකම් කළමනාකරණය සහ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් වන එම්. ජී. හේමචන්ද්‍ර සංවර්ධන සැලසුම් සකස් කිරීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද පුළුල් තාක්ෂණික දැනුම සහ වෘත්තීය පළපුරුද්දක් ඇත්තෙක් වේ.
එය ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රගතියට මහත් දායකත්වයක් වනු ඇත.