කල්දැමූ උසස්පෙළ විභාගයට මුහුණදෙන දරුවන්ට දැනුවත් කිරීමක්
මෙවර අපොස උසස් පෙළ කල්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ් සම්බන්ධයෙන් තම පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමෙන්තුව දැනුවත් කරන ලෙසයි.
0112784537 සහ 0112788616 යන අංක අමතා ඔබට ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැක.
විභාග අපෙක්ෂකයින්ගේ ප්රවේශ පත්ර හෝ ජාතික හැදුනුම්පත් ආපදා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ් සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙසය විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.