ඉදිරි මාස තුන ඇතුළත මේ රත්තරන් කිලෝ 150 නැවත භාර දෙනවා - ආරක්ෂක නි. ඇමති

Report

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විසින් යුද සමයේදී කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. කඳවුරු සහ ඒ අවට තිබී ශ්‍රී ලංකා යුද හමුදාව භාරයට ගත් ස්වර්ණාභරණ කිලෝග්‍රෑම් 150කට ආසන්න ප්‍රමාණයක් නැවත භාර දීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන් කර ඇත.

ඒ පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින්.

එසේම එහිදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගෙන් යුද හමුදාව කිසිදු අවස්ථාවක රන් ආභරණ ලබාගෙන නොමැති බව ඔහු අවධාරණය කළ අතර මෙම ස්වර්ණාභරණ තොගය හමුවූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මඟින් ගබඩා කර තිබියදී බවත් සඳහන් කළා.

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

එමෙන්ම මෙම රන් ආභරණ නිදහස් කිරීමේ කටයුත්ත අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බවත්, එය අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා මහා බැංකුව යන ආයතනවල ඒකාබද්ධ සහභාගීත්වයෙන් සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව එම අදාළ ස්වර්ණාභරණ භාර දීමේ සමස්ත ක්‍රියාවලිය ඉදිරි මාස තුනක කාලය ඇතුළත සම්පූර්ණයෙන්ම නිම කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඔහු පාර්ලිමේන්තුවට වැඩිදුරටත් දැනුම් දී ඇත.

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව

විජිත වෙව්ල වෙව්ල කෑ ගැහුවා.. මේ යුද්ධයක් නැති රටේ මොකටද ත්‍රස්තවාදී පනත් කියලා එහෙම කියපු අය සලේව ගෙනිහිල්ලා නිරුවත් කරලා - විජේදාස රාජපක්ෂ

විජිත වෙව්ල වෙව්ල කෑ ගැහුවා.. මේ යුද්ධයක් නැති රටේ මොකටද ත්‍රස්තවාදී පනත් කියලා එහෙම කියපු අය සලේව ගෙනිහිල්ලා නිරුවත් කරලා - විජේදාස රාජපක්ෂ

මේ අයට විශේෂ නිවේදනයක් - අද 8 සිට පැය 24ක් වතුර නෑ

මේ අයට විශේෂ නිවේදනයක් - අද 8 සිට පැය 24ක් වතුර නෑ