මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ LTTE සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයේ ලාංඡන, නිල ඇඳුම් හෝ සාමාජිකයින්ගේ පිංතූර යොදා ගනිමින් සැමරුම් උත්සව පැවැත්වීමට හැකියාවක් නොමැති බවය.

අංගුලිමාල ගති පෙන්නපු සැමියා.. බිරිඳගෙ ඇඟිලි 4ක්ම කපලා දාලා.. ඇඟිලි ටික බෝතලේකට දාගෙන රෝහලට ගිහින් තියෙන්නෙ..

අංගුලිමාල ගති පෙන්නපු සැමියා.. බිරිඳගෙ ඇඟිලි 4ක්ම කපලා දාලා.. ඇඟිලි ටික බෝතලේකට දාගෙන රෝහලට ගිහින් තියෙන්නෙ..

කෙසේවෙතත්, යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීමට උතුරේ ජනතාවට බාධාවක් නොමැති බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"නීතියානුකූලව තමන්ගේ ඥාතියෙක් මියගියාම සමරන්න ඉඩකඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ. LTTE ලාංඡනය යටතේ ඒ පින්තූර භාවිත කරමින්. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව LTTE සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි උතුරේ, දකුණේ, නැගෙනහිර හෝ කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිකිරීමේ අයිතිය තිබෙනවා. මම හිතන්නේ බොහෝ වෙලාවට මේ උතුරේ ජනතාව ඥාතීන් සිහිකිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනත් තිබෙනවා. ඒත් අපි රටට අවධාරණය කරනවා LTTE සංවිධානය තහනම් සංවිධානයක් ඔවුන්ට ඉඩකඩක් නෑ ඒ වෙනුවෙන් සැමරුම් කරන්න."

එමෙන්ම, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.

මේ අතර, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා ඊයේ (25) සිය ධුරයේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.

You May Like This Video 👇 

.