නාමල් රාජපක්ෂගෙන් LPL ගැන දැඩි තීරණයක්..

Namal Rajapakshe Icc Mahela jayawardhane Lpl Sri Lanka
By Aruna Nov 12, 2021 06:17 AM GMT
Aruna

Aruna

Report

LPL තරගාවලිය කිසිදු අකටයුත්තකට යොදාගැනීමට නොහැකිවන සේ පැවැත්වීමට අවශ්‍ය අධීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට තමන් නිල වශයෙන් දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කළේය.

මෙවර එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීම්වල යම් අභව්‍ය බවක් පෙනෙන්නට තිබීමත් සමග ඒ පසුපස තරග පාවාදීම් ආදී දෑ සිදුවීමේ හැකියාවක් පැවතිය හැකි බවට පැතිර යන රාවය සම්බන්ධයෙන් කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍යවරයා එසේ පවසා ඇත.

ඒ අනුව එල්.පී.එල්. තරගාවලිය අයුතු දෑ සඳහා යොදාගත නොහැකිවන සේ අවශ්‍ය විනිවිදභාවය සහ අධීක්ෂණය සැලසීමට කටයුතු යොදා ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එසේම මෙම තරගාවලියේ ක්‍රිකට් ක්‍රීඩාමය අතින් අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකිරීම සඳහා මහේල ජයවර්ධන වෙත භාරදී ඇත.

ඒ අනුව පුහුණුකරණ අංශයේදී පවත්වාගත යුතු සංයුතිය ආදිය ගැනද උපදෙස් දුන් බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කණ්ඩායම් හිමිකාරීත්වයේ අභිමතය පරිදි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් විදෙස් පුහුණුකරුවකු යෙදවීමේ හැකියාව ලබාදෙන අතර එහි සෙසු සහය පුහුණුකරුවන් සියලුදෙනා මෙරටින් යෙදවිය යුතු බවට සිය මතය අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇත.

එල්.පී.එල් තරගාවලිය මගින් මෙරට තරුණ ක්‍රීඩකයන් වෙත අවස්ථාව උදාකරගෙන අතරවාරයේ එය මෙරටට විදේශ විනිමය කැඳවන සහ සංචාරක ආකර්ෂණය වඩවන සන්නාමයක් බවට පත්කිරීම තම අරමුණ බවද ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් එම පුවත්පතට ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha