LPL පළමු තරගයේ ජය හිමි කරගත් කණ්ඩායම මෙන්න

Cricket Sri Lanka Cricket
By Sithumi Dec 06, 2022 01:17 PM GMT
Sithumi

Sithumi

Report

LPL තරගාවලියේ අද පැවති පළමු තරගයෙන් ලකුණු 24ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා. පන්දු 43කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර එහිදී ගෝල් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් වුණා. 

 ගෝල් කණ්ඩායම වෙනුවෙන් වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ජැෆ්නා පන්දු යවන්නන් හමුවේ අවස්ථාවක් හිමිවූයේ නැහැ. 

 එහිදී ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ විජයකාන්ත් වියස්කාන්ත් පන්දුවාර 4කදී ලකුණු 20කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. බිනුර ප්‍රනාන්දු කඩුලු 2ක් දවාගැනීමට සමත්වූ අතර මහීෂ් තීක්ෂණ, James Fuller, දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.