බැංකුවලින් ණය ගන්නත් බැරුව භාගෙට හදලා නවත්තපු ගෙවල් හදන්න මේ අයට සහන ණයක් - නිවාස ඇමති කියයි
අද(24) දින පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා විසින් අසන ලද අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසා සිටියේ අර්ධ ලෙස තම නිවාස ඉදි කර ඇති එහෙත් බැංකුවලින් නිවාස ණයක් ලබා ගත නොහැකි අඩු ආදායම්ලාභීන් සඳහා සහන ණය ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව ඒ සඳහා අවශ්‍ය යෝජනා ඉදිරි අයවැයේදී යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ,
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
"අඩු ආදායම්ලාභී පවුල් ඉන්නවා ඔවුන්ට නිවසක් නෑ නිවසක් ඉදිකර ගන්න මුදලුත් නැහැ හැකියාවකුත් නෑ. එනිසා අපි මේ රුපියල් මිලියනයක් ලබා දීලා නිවසක් ඉදිකර ගන්න වැඩසටහන අපි අරමුණු කරේ මෙන්න මේ විදිහට කටු මැටි ගහපු ගෙදරක, අඩු ආදායම්ලාභී අනාරක්ෂිත නිවසක ඉන්න පවුලකට නිවසක් ඉදිකර ගැනීමට තමයි අපි මේ රුපියල් මිලියනයේ ආධාරය දෙන්න පටන් ගත්තේ.. නමුත් අඩු ආදායම්ලාභී පවුල් ඉන්නවා ගෙදර හදන්න පටන් අරන් භාගෙට, ඉවර කරගන්න බැරිවෙලා. 2024 දෙසැම්බර් තිබුණු සංගණනයෙනුත් ඇවිල්ල තියෙනවා ඒ වගේ පවුල් දහස් ගණනක් ඉන්නවා කියලා. ඒ පවුල් සඳහා දැනට තිබෙන්නේ නිවාස ණය. නමුත් නිවාස ණය ගත්තම මේ කියන පවුල්වලට නිවාස ණයක් ගන්න බැහැ. ඔවුන්ට දේපලක් නෑ නිශ්චිත ආදායමක් නෑ. ආදායමක් තහවුරු කරන්න බෑ. නිවාස සංවර්ධන අධිකාරිය හරහා ලබාදෙන ණයවලදී ඔවුන්ට සහන ණයක් ලබා දෙනවා. නමුත් ඒ ණය වැඩසටහනේ යම් වෙනසක් සිදු කරන්න ඕනි කියලා, ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන අයවැයේදී, අයවැය යෝජනා විදිහට එවැනි පවුල් සඳහා සහන ණයක් යෝජනා කරන්න. එතකොට අපිට පුළුවන් එවැනි පවුල් සඳහා තමන්ගේ ගෙදර වැඩ අවසන් කර ගැනීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය හරහා සහන ණයක් ලබා දෙන්න."