හෙට විවෘත වන නෙළුම් කුළුණේ ප්‍රවේශ පත්‍ර ගැන වීනයෙන් විශේෂ දැනුම් දීමක්..

Sri Lanka China
By Aruna Sep 14, 2022 06:50 AM GMT
Aruna

Aruna

Report

හෙට(15) මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත නෙළුම් කුලුණ නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍රය වෙනුවට, ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජයේ සංසරණය වන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාල ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක් බවත්, එය සමාජ මාධ්‍යයේ බෙදා ගැනීමට පෙර එය සත්‍යාපනය කර ගන්නා ලෙසයි.

කෙසේ නමුත්, චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටින්නේ, නෙලුම් කුලුණ සම්බන්ධයෙන් නොමිලේ කරන ලද ප්‍රචාරණය ගැන ස්තුතිවන්ත වන බවයි.

එසේ ම, හෙට සිට කුලුනට ගොස්, ටිකට් පතක් මිල දී ගෙන ඔබේ ම දෑසින් එය විඳ ගන්නැයි ද චීන තානාපති කාර්යාලය එම ට්විටර් පණිවිඩය මගින් කියා සිටිනවා.

හෙට සිට කෙලුම් කුලුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑ ම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳ ගත හැකි අතර ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුයි.

එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක් වියදම් කරමින්, 2012 වසරේ දී ආරම්භ කෙරුණු මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කොට, 2022 පෙබරවාරි 28 වැනි දා ලංකා රජයට භාර දුන්නා.

මෙම ව්‍යාපෘතිය සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 88.65ක් ලබා දී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබෙනවා.

පසුගිය දා ජනාධිපති මාධ්‍ය ඒකකය නෙළුම් කුලුණෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව නිවේදනය කරමින් කියා සිටියේ, මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වනවිට අවසන් කිරීමට නියමිත අතර, මේ වන විට එම ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936ක් මේ වනවිටත් ගෙවා අවසන් බවයි.

මේ අතර නෙළුම් කුළුණේ වැරදි 21ක් තිබූ බවට ඉංජිනේරුවරුන් සොයා‌ගෙන තිබූ බව නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

නෙළුම් කුළුනේ අයිතිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැවරුවේ 2022 පෙබරවාරි 28 දින බවත් නමුත් පසුගිය අගෝස්තු 28 වැනිදා චීන සමාගමෙන් විදුලි සංදේශ කොමිසම වෙත නෙළුම් කුළුනේ අයිතිය බාර ගත් බවද සමරසිංහ මහතා සඳහන් කළේය.

(චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery
ReeCha