ලොතරැයි හිටපු සභාපතිගේ කෝටි එකහමාරේ රථය සම්බන්ධව විගණකාධිපතිවරයාගෙන් ලැබුණු නියෝගය.
By Wayomi
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු මණ්ඩලයේ නමින් සිය පෞද්ගලික පරිහරණයට ලබාගත් රුපියල් එක්කෝටි 68 ලක්ෂයක් වටිනා කැබ් රථයක් යළි බාරදී නොමැති බව විගණන වාර්තාවන් පෙන්වා දෙනවා.
එම රථයට සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මුදල් ගෙවා ඇති බවද වාර්තා වල දැක්වෙන අතර වාහනය සඳහා ගෙවන ලද මුදල පිළිබඳ කිසිදු තොරතුරක් මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව නොමැත.
ඒ, කෙසේ වෙතත් විගණකාධිපතිවරයා නිදේශ කර ඇත්තේ, වාහනය සඳහා මණ්ඩලයෙන් ගෙවන ලද මුදල හිටපු සභාපතිවරයාගෙන් අයකර ගැනීම හෝ මිලදී ගත් වාහනය සභාපතිවරයාගෙන් මණ්ඩලයට ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |