ලන්ඩන් වල හොල්මන මට්ටු කළ කරණීයමෙත්ත සූත්‍රය - ලාංකීය පවුලක් මුහුණ දුන් අතිශය බිහිසුණු සත්‍යය සිදුවීම..

London
By Sewvandhi Jul 09, 2023 05:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ බයංකර කතාව ඇහෙන්නේ ලන්ඩන් නගරයෙන්.... අපේ රටේ ගොඩක් දෙනෙක් මේ රට දාලා වෙනත් රටකට යන්නේ සුවපහසු ජීවිතයක්ල් ගත කරන්න තියන ආසාව නිසා...

ගොඩක් දෙනෙක්ගේ අරමුණ වෙන්නේ ඒක.. ඒත් මේ කියන්න යන්නේ ඊට වඩා ඇඟ කිලිපොළා යන කතාවක්..

ලන්ඩන් නුවරට පදිංචියට ගිය මේ ශ්‍රී ලාංකික පවුල එහේ ජීවත් වෙන්න සුදුසු නිවසක් කාලයක් තිස්සේ හොයන්න ඇති.. ඔවුන්ට අන්තිමට ඔවුන්ගේ මුදලට සරිලන පරණ නිවසක් ඒ අවට ප්‍රදේශයෙන්ම ලැබිලා..

ඒත් මේ ටිකක් පරණ ගෙදරක්... කොහොම වුණත් මේ ගෙදර ටික කලක් ජීවත් වෙද්දී ඒ ගෙදර අම්මාට මේ ගෙදර ඇතුලේ වෙන සමහර වෙනස්කම් කියාගන්න තේරුමක් නැති වෙන්න ඇති.. සමහර වෙලාවට ඇසෙන ශබ්ද, ගේ ඇතුලේ වෙන අමුතු අමුතු දේවල් මේ කාන්තාවට දැනෙන්න පටන්ගෙන..

කොහොම වුණත් දවසක් ඇය කුස්සියේ කෑම හදනකොක කවුරුහරි කෙනෙක් එයාගේ ඇඳුමෙන් අදින්න වගේ එයාට දැනිලා තියනවා.. මේ ගැන පස්සේ ඇය ඇගේ සැමියාට කිව්වත් ඔහු ඒක විශ්වාසක් කරලා නෑ...

කොහොම වුණත් මේ ගැන කාලයක් යනකොට ගෙදර හැමෝගෙම අවදානය යොමු වෙලා තිබුණේ තව තවත් මේ තත්වය අමාරු වෙනවාත් එක්කමයි..

කොහොම වුණත් ගෙදර කාමරවල බඩු අසාමාන්‍ය ලෙස එහා මෙහා වීම , අවේලාවට වැසෙන දොරවල් , තව තවත් ශබ්ද මේ ශ්‍රී ලාංකික පවුලට කියා පෑවේ තමගේ ගෙදර කිසුයම් භූත බලවේගයක් ඇති බවයි... ඒත් එක්කම ඔවුන් මේ ගැන හොයා බලන්න අධි සංවේදී cctv කැමරා පද්ධතියක් සවි කර තිබුණා..

ඒත් එක්කම පෙනී ගියේ කිසියම් සංවේදනයකට කැමරාව ක්‍රියාත්මක වෙන බවයි... කොහොම වුණත් ඔවුන් අපේ රටේ විදිහට විවිධ ක්‍රමවලින් මේ තත්ත්වය මර්දනය කරගන්න උත්සාහ කරත් අවසානයේදී ඔවුන් නිවස තුළ කරණීය මෙත්ත සූත්‍රය නිවස පුරා ශ්‍රවණය වෙන්න දැම්මාට පස්සේ මේ තත්වය අඩුවූ බවයි... .

ලන්ඩන් නුවර ජීවත් වෙන මේ ශ්‍රී ලාංකික පවුල කිව්වේ.. ඔවුන්ගේ බයංකාර මේ අත්දැකීම සමනය කරන්න කරණීයමෙත්ත සූත්‍රයට පුළුවන් වුණා කිව්වොත් ඇත්ත්ටම හරි... .(උපුටාගැනීමක්)

ReeCha