ඇදිරි නීතිය 18 තෙක් දීර්ඝ කරනවා..? දැඩි ඉල්ලීමක්..
දැනට පවතින තත්ත්වයක් අනුව ආසාදිතයන් තවදුරටත් වාර්තා වීම අඩු මට්ටමකට පත් කිරීම සඳහා සංචරණ සීමාවන් සැප්තැම්බර් 18 වන දින දක්වා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ සන්චරණ සීමා පැනවීම හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමකට පැමිණ ඇති බවයි.
සංචරණ සීමා ඉතා තද ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනත් පවතින ආකාරයෙන් හෝ 18 වන දින දක්වා එය පවත්වාගෙන යා හැකි නම් වඩා සුදුසු බවද ඇය පෙන්වා දෙයි. ඇය මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එමෙන්ම,ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වනවිට ඔහු 68 වන වියේ පසුවිය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.
කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා ඉන් සුවය ලබා පසුගිය දා තම නිවෙසට ගියේය.
මේ අතර, අද (06) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදයේදී ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂය පවසා තිබේ.
පෙරවරු 10ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරෙන අතර පසුගිය අගෝස්තු 30 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි එහිදී විවාදයට ගැනීමට නියමිතය.
මේ අතර ඛනිජ තෙල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර 12 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරනු ලැබුවේ හදිසි නීතිය පැනවීම යටතේ නොවන බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
සිය පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |