පළමු ප්‍රතිඵලය නිකුත් වන වේලාව ගැන ඉඟියක්

Election Commission of Sri Lanka Election Local government Election Sinhala news
By Shehan May 04, 2025 10:11 AM GMT
Shehan

Shehan

Report

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බැවින්, පළාත් පාලන ආයතනවල කොට්ඨාස කිහිපයකට බෙදා ඇති අතර, ඡන්ද මධ්‍යස්ථානවල දුර සහ පිහිටීම අනුව ඡන්ද ගණනය කිරීමට පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය 2025 මැයි 6 රාත්‍රී 11.00ට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙසේ පැවසීය;

අවුරුදු තුනේ මල් කැකුළ කැමැත්තෙන්ම මරණෙට යවා ලෝක වාර්තාව අතට ගත් දෙමව්පියෝ [PHOTO ]

අවුරුදු තුනේ මල් කැකුළ කැමැත්තෙන්ම මරණෙට යවා ලෝක වාර්තාව අතට ගත් දෙමව්පියෝ [PHOTO ]

“කොට්ඨාසයක එක් ඡන්ද මධ්‍යස්ථානයක් පමණක් තිබේ නම්, එම මධ්‍යස්ථානයේදීම ඡන්ද ගණනය කර ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනවා. එක් කොට්ඨාසයක ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ඇත්නම්, සමහර මධ්‍යස්ථානවලදී ඡන්ද ගණනය කර, ප්‍රතිඵල ලේඛනය පමණක් කොට්ඨාසයේ ප්‍රධාන ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානයට ගෙන එනවා. තවත් ක්‍රමයක් ලෙස, කොට්ඨාසයක සියලුම ඡන්ද පෙට්ටි පස්වරු 4.00න් පසු ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන එනවා.

එහිදී ඒවා වෙන වෙනම ගණනය කර, කොට්ඨාසයේ ප්‍රතිඵලය සකස් කරනවා. කොට්ඨාසයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේදී අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනවා. එහිදී එම කොට්ඨාසයේ වැඩිම ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම නම් කරනවා. ඉන්පසු, ප්‍රතිඵලයේ එක් පිටපතක් එම ස්ථානයේ ප්‍රදර්ශනය කරනවා. මුල් පිටපත කලාපය භාර තේරීම් භාර නිලධාරියා විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත රැගෙන යනවා.

වෙනත් අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙසට කිසිදු ඉල්ලීමක් අප කර නෑ...පොදුජන පෙරමුණෙන් දැනුම්දීමක්..

වෙනත් අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙසට කිසිදු ඉල්ලීමක් අප කර නෑ...පොදුජන පෙරමුණෙන් දැනුම්දීමක්..

දිස්ත්‍රික්කවල පිහිටි පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථානවලදී, සියලුම ප්‍රතිඵල එකතු කර පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය සකස් කරනවා. එහිදී, එක් එක් දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ලැබෙන ආසන සංඛ්‍යාව සහ සමානුපාතික නියෝජනය යටතේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය කරනවා.”

මේ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් පැවසීය.   

මෙය බරපතළ ඛේදවාචකයක් - නවක වදය ගැන ජනපති කට අරී

මෙය බරපතළ ඛේදවාචකයක් - නවක වදය ගැන ජනපති කට අරී

ReeCha