තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද තැපැල් දෙපාර්තමේන්තුවට

Election Commission of Sri Lanka Local government Election Sri Lanka election updates
By Shehan Apr 07, 2025 02:15 AM GMT
Shehan

Shehan

Report

පළාත් පාලන ආයතන 114ක තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද (07) දිනයේ තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම පවසයි.

කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා පැවසුවේ, අධිකරණ ක්‍රියාවලියෙන් පසු ඉතිරි පළාත් පාලන ආයතනවල තැපල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපල් ඡන්ද රක්ෂිත පැකට් භාරගැනීමට මේ වන විට සියලු සූදානම් කටයුතු අවසන් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්...

සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්...

ඔහු සඳහන් කළේ, අද පස්වරුවේ හෝ හෙට (08) දිනයේදී එම ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කරන බවයි.

එසේම, සියලු පළාත් පාලන ආයතනවල තැපල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසුවේ, එම තැපල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදුන් බවයි.

මහා රෑ පෙම්වතිය එක්ක පෙම්සුව විඳින්න ගිය පෙම්වතාට සිදුවූ දේ - හැමදේම වීඩියෝ කරලා අන්තිමට පෙම්වතියවත් උදුරාගෙන

මහා රෑ පෙම්වතිය එක්ක පෙම්සුව විඳින්න ගිය පෙම්වතාට සිදුවූ දේ - හැමදේම වීඩියෝ කරලා අන්තිමට පෙම්වතියවත් උදුරාගෙන

ReeCha