තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්
Election Commission of Sri Lanka
Local government Election
Sinhala news
By Shehan
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට තවමත් නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද (29) සිය සේවා ස්ථානයේදී එම අවස්ථාව හිමිවන බවය.
මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 24 වැනිදා ආරම්භ වූ අතර, 25 සහ 28 යන දිනවලදී ද ඒ සඳහා අවස්ථාව ලබා දී තිබිණි.
මේ අතර, පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අදින් අවසන් වීමට නියමිතය.
තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ, මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් බෙදාහැර අවසන් බවය.
