ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්..
By krishani
ගෑස් බෙදාහැරීමේ කටයුතු අද(18) සිට යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති විජිත හේරත් කියා සිටියේ ඒ අනුව දෛනිකව ගෑස් සිලින්ඩර 80,000 ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවත් මේ වනවිට ගෑස් ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 07 ක මුදලක් ගෙවා ඇති බවයි.
ඒ අනුව මෙරටට ළඟා වී තිබූ නෞකාවකින් ගෑස් මෙට්‍රික් ටොන් 2,800 ක් ගොඩබෑමේ කටයුතු ඊයේ(17) දින රාත්‍රියේ ආරම්භ කෙරුණී.
වැඩිදුරටත් ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් තවත් නෞකාවක් හෙට දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බවත් ඒ අනුව මෙම නෞකා වලින් ලබා ගන්නා ගෑස් දින 05 ක් සඳහා ප්‍රමාණවත් වනු ඇති බවයි.
එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්වය හමුවේ සිලින්ඩර 1 බැගින් පමණක් ලබා ගන්නා ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |