හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ
නදුන් චින්තක නොහොත් හරක් කටාගෙන් අල්ලස් ඉල්ලු පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී විශාල අනාවරණයක් සිදුවනු ඇති බවට අන්තර්ජාල නාලිකාවක වැඩසටහනක් ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා ප්‍රකාශ කළ බව සඳහන්.
එසේම ඉන් නම් කිහිපයක් දැනටමත් අධිකරණය හමුවේ සහ මාධ්‍ය ඔස්සේ හෙළි වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.
එසේම ඔහු අනාවරණය කරන්නේ මෙරට හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු, ඇමති පුත්‍රයෙකු, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ කලාකරුවන් අතර සිටින චරිතවත් කලාකරුවෙකු ඇතුළු පිරිසක් ඒ අතර සිටින බවට වෙනත් තොරතුරු මුලාශ්‍රයක් ඔස්සේ ද තොරතුරු ලැබී ඇති බවයි.
මේ අතර ඉන් ඇතැම් පුද්ගලයින් හරක් කටා මරා නොදැමීමට අල්ලස් ඉල්ලා ඇති අතර තවත් පිරිසක් ඔහුට විවිධ පහසුකම් සැපයීම වෙනුවෙන් මෙසේ අල්ලස් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වේ.