අතළඟ එන සහල් හිඟය අස්සේ මත්පැන් සමාගම් වැඩි මිලට සහල් සොරා ගැනේ.

Sri Lanka
By Wayomi Apr 22, 2023 08:40 AM GMT
Wayomi

Wayomi

Report

මත්පැන් නිෂ්පාදනය සඳහා එම සමාගම් විසින් මේ වන විට මාසයකට සහල් කිලෝග්‍රෑම් කෝටියකට අධික ප්‍රමාණයක් මිලදී ගන්නා බව කුඩාමෝල් හිමියන් පවසනවා.

ඒ අනුව මින් පෙනී යන්නේ සත්ත්ව ආහාර සඳහා සහල් මිලට ගැනීම තොග රැස් කිරීම ගබඩා කිරීම නීතියෙන් තහනම් වුවත් එතනෝල් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම තහනමක් නොමැති බවයි.

මෑතකදී තහනම ඉවත් කළ මත්පැන් නිෂ්පාදන සමාගමක් මාසයකට පොළොන්නරුවේ සහල් නිෂ්පාදනය කරන මෝලකින් පමණක් කිලෝග්‍රෑම් ලක්ෂයක් මිලදී ගන්නා බව වාර්තා වෙනවා.

ඒ අනුව පොළොන්නරුවේ ප්‍රධාන ධාරාවේ ඇති සහල් මෝලකින් මෙසේ කිලෝග්‍රෑමයක් රුපියල් එකසිය තිහක මිලකට මිලදී ගන්නා අතර එම සහල් පිටි ලෙස අඹරා රැගෙන යන බව ආරංචි මාර්ග පවසනවා.

මේ ආකාරයට ප්‍රධාන පෙළේ අරක්කු හා බියර් නිෂ්පාදනය කරනු ලබන සමාගම් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය බාර්ලි වෙනුවට සහල් යොදා ගනු ලබනවා.

අදාල මෝල් හිමියන්ද පවාස්න්නේ, සහල් ලෙස හොඳින් පොලිෂ් කර වෙළෙඳපොළට යොමු කිරීමට වඩා මෙවැනි සමාගම්වලට ලබාදීම ලාභදායි බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත වර්ෂය අවසානයේ යළිත් රටේ සහල් හිඟයක් මතුව රටින් සහල් ගෙන්වීමට සිදු විය හැකියි.

මේ වර්ෂයේ ලෝකයේ සහල් හිඟයක් ඇති විය හැකි බව ෆිච් රේටින් ආයතනයේ පර්යේෂණ අංශය සඳහන් කරන අතර ඊට හේතු වී ඇත්තේ යුක්ක්‍රේන යුද්ධය හා වැඩිම සහල් නිෂ්පාදනය කරනු ලබන රටවල් අතරින් චීනයට හා පාකිස්ථානයට බලපෑ නියඟ හා ගංවතුර තත්ත්වයයි..

ඒ අනුව එම පර්යේෂණ ඒකකය අනාවරණය කරන්නේ, මෙම තත්ත්වය මත 2023 වර්ෂයේ සහල් නිෂ්පාදනයේ අඩුවීම හේතුවෙන් ලෝකයේ සහල් අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් මිලියන 8700ක පමණ සහල් හිඟයක් ඇති විය හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW