කැබිනට් හමුවටත් සීමා...වැඩිය හරස් ප්‍රශ්න අහන්නත් බෑ...
By Hashini
සතිපතා පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුව යම් යම් සීමා පැනවීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ.
ඉදිරියේදී පවත්වන කැබිනට් හමුවලදී මාධ්‍යවේදී හැඳුනුම්පත ඇති අය පමණක් කැබිනට් මාධ්‍ය හමුවට සම්බන්ධ කරගැනීමට අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
තමන් කැබිනට් මාධ්‍ය හමුවට පැමිණෙන්නේ කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීන්දු තීරණ දැනුම්දීමට බවද පැවසූ ඔහු ඒවා සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය වෙනත් ප්‍රශ්න කිහිපයක් පමණක් විමසිය හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියා.
ඒ අනුව ඉදිරියේදී නව ක්‍රියාමාර්ග අනුව කැබිනට් මාධ්‍ය හමුව විධිමත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියා.