ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ස්ථානයකට විපතක් සිදුවෙයි...වෙන්න ගිය ලොකු විනාශයක් 99න් බේරෙයි.

Sri Lanka Lankathilaka wiharaya Thunder lightning
By Aruna Sep 21, 2021 06:38 AM GMT
Aruna

Aruna

Report

පසුගිය 18 වැනිදා රාත්‍රි කාලයේ පුපුරා ගියා අකුණු සැරයක් පුරාවිද්‍යා ප්‍රදේශයේ පිහිටි ලංකාතිලක පිළිම ගෙයටද වැදී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පිලිමගෙය පරීක්ෂා කිරීමේදී අකුණු වැදීමෙන් හානි සිදු වී ඇති ආකාරයක් දැක ගත් බවයි.

බිත්ති හා ගොඩනැගිල්ලේ ස්තම්භ පුපුරා ඇද්දැයි තවදුරටත් පරීක්ෂණ කරන බවද ඔවුන් කියා සිටී.

මේ අනුව අකුණු සැර වැදීමෙන් හානියට පත් වූ ඉපැරණි ලංකාතිලක විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද දායකත්වය ඇති ව ආදාළ කටයුතු සිදු කරන බවයි.

වර්ෂාවත් සමඟ පසුගිය දා හටගත් අකුණු අනතුරකින් ඉපැරණි ලංකාතිලක විහාරයේ බටහිර දිසාවේ පිහිටි ගඩොල් බිත්තියකට හානි සිදු ව තිබුණා.

කෙසේ වෙතත්, ලංකාතිලක පිළිම ගෙයි තැන්පත් කර ඇති ඉපැරණි බුද්ධ ප්‍රතිමාවට අකුණු සැර හේතුවෙන් හානි සිදු ව නො මැති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now