කොටගල කම්බි උගුලක හිරවුණු දිවියා බේරාගත් මැධ්‍යම රාත්‍රියේ මෙහෙයුම - සජිත් ප්‍රේමදාස තැබූ විශේෂ සටහන

Report

කොටගල ස්ටෝනික්ලිෆ් වතුයායේ කම්බි උගුලකට හසු වූ දිවියෙකු සාර්ථකව බේරාගෙන ඇති අතර, එම සත්වයා මේ වන විට රන්දෙණිගල වනජීවී කාර්යාලයේ ප්‍රතිකාර ලබමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

දිවියා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා පෞද්ගලිකව එක්වූ පශු වෛද්‍යවරුන් වන ගංගා සහ නිහාල් මෙන්ම අකලංක සහ ඔහුගේ කණ්ඩායම වෙතද ප්‍රේමදාස මහතා සිය කෘතඥතාව පළ කළේය.

අඛණ්ඩ කාර්මික ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද දිවියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ හර්ෂ මධුරංග, සෂිකා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද ඔහු සිය ස්තූතිය පුද කළේය.

"TikTok හදන අයට මාරම නිවුස් එකක් - Marvel සහ Star Wars ක්ලිප් දාලා වීඩියෝ හදන්න ඩිස්නි සමාගමෙන්ම පාර කැපෙයි

"TikTok හදන අයට මාරම නිවුස් එකක් - Marvel සහ Star Wars ක්ලිප් දාලා වීඩියෝ හදන්න ඩිස්නි සමාගමෙන්ම පාර කැපෙයි

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා සහයෝගය ලබාදුන් නුවන් සහ බණ්ඩාරටද ස්තූති කළ ප්‍රේමදාස මහතා, රාත්‍රී කාලයේ සහ අලුයම් වේලාවේ සිදුකළ ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට තමන් ද දායක වූ බව සඳහන් කළේය.

පශු වෛද්‍යවරුන්ගේ කැපවීම අගය කළ යුතු බව අවධාරණය කළ ප්‍රේමදාස මහතා, වනජීවී ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ඉටු කරන අමිල සේවාව නිසි ලෙස හඳුනාගෙන ඇගයීමට ලක් කළ යුතු කාලය එළඹ ඇති බවද සිය සටහනින් පෙන්වා දුන්නේය.