"TikTok හදන අයට මාරම නිවුස් එකක් - Marvel සහ Star Wars ක්ලිප් දාලා වීඩියෝ හදන්න ඩිස්නි සමාගමෙන්ම පාර කැපෙයි

Report

වෝල්ට් ඩිස්නි සමාගම සහ ටික්ටොක් බදාදා නව සහයෝගීතා ගිවිසුමක් නිවේදනය කළ අතර, ඒ අනුව ටික්ටොක් නිර්මාණකරුවන්ට ඩිස්නි චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන්වල චරිත සහ දර්ශන කෙටි වීඩියෝ නිර්මාණ සඳහා භාවිත කිරීමට අවසර හිමි වේ. මෙය ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් සහ සාම්ප්‍රදායික මාධ්‍ය සමාගමක් අතර ඇති වූ මෙවැනි පළමු ගිවිසුම ලෙස සැලකේ.

මෙම ගිවිසුම යටතේ තෝරාගත් වීඩියෝ TikTok සහ Disney+ ප්‍රවාහ සේවාව හරහාද ප්‍රදර්ශනය කෙරෙන බව සමාගම් නිවේදනය කළේය. Disney+ හි ජංගම දුරකථන භාවිත කරන්නන් ඉලක්ක කරමින් හඳුන්වාදෙන "Verts" නව ටැබ් එක යටතේ මෙම සිරස් ආකාරයේ වීඩියෝ ඇතුළත් වන අතර, TikTok වීඩියෝ වෙනත් ප්‍රධාන ප්‍රවාහ වේදිකාවක පළ කෙරෙන පළමු අවස්ථාවද මෙය වේ.

TikTok නිර්මාණකරුවන්ට Pixar, Marvel, Star Wars සහ FX ඇතුළු ඩිස්නි සතු ප්‍රකට සන්නාමවල චිත්‍රපට සහ රූපවාහිනී මාලා සිය ගණනක අන්තර්ගතයන් වෙත ප්‍රවේශය ලබාදීමටද මෙම ගිවිසුමෙන් අවස්ථාව සැලසේ.

ලයිව් ඇවිත් කැමරාව ඉස්සරහම වෙඩි තබා මරා දැමූ ජනප්‍රිය ටික්ටොක් තරුව- අන්තිම තත්පරයේ කියූ තිගැස්සෙන කතාව

ලයිව් ඇවිත් කැමරාව ඉස්සරහම වෙඩි තබා මරා දැමූ ජනප්‍රිය ටික්ටොක් තරුව- අන්තිම තත්පරයේ කියූ තිගැස්සෙන කතාව

මෙම වැඩසටහනේ නියමු අදියර ඉදිරි මාස කිහිපය තුළ එක්සත් ජනපදයේ ආරම්භ කිරීමට නියමිත අතර, පසුව අනෙකුත් රටවලටද එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. කෙසේ වෙතත්, ගනුදෙනුවේ මූල්‍ය තොරතුරු අනාවරණය කර නොමැත.

කෙටි සිරස් වීඩියෝ ජනප්‍රිය වීමත් සමඟ Disney+, Peacock, Paramount+ සහ Netflix වැනි ප්‍රවාහ සේවාවන්ද එවැනි අන්තර්ගතයන්ට වැඩි අවධානයක් යොමු කරමින් සිටී. මෙම සහයෝගීතාවය Disney+ සඳහා නව අන්තර්ගතයන් ලබාදීම පමණක් නොව, ප්‍රවාහ සේවාව වෙත නව ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමටද උපකාරී වනු ඇතැයි විශ්වාස කෙරේ.

TikTok දත්ත අනුව, පසුගිය වසරේදී පරිශීලකයන් දිනකට සාමාන්‍යයෙන් චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සම්බන්ධ පළ කිරීම් මිලියන 6.5ක් බෙදාගෙන තිබේ. සමීක්ෂණයකට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකට ආසන්න පිරිසක් TikTok හි අදාළ අන්තර්ගතයන් දැකීමෙන් පසු චිත්‍රපටයක් හෝ රූපවාහිනී වැඩසටහනක් නැරඹූ බව සඳහන් කර ඇත.

ආනයනයෙන් නිෂ්පාදනයට- ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඓතිහාසික පරිවර්තනක්

ආනයනයෙන් නිෂ්පාදනයට- ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඓතිහාසික පරිවර්තනක්

ඩිස්නි සමාගමේ ප්‍රධාන අලෙවිකරණ හා සන්නාම නිලධාරී අසාද් අයස් පැවසුවේ, "හොඳම කතන්දර කියන්නන් පළමුව රසිකයන්ය. මෙම සහයෝගීතාව අපගේ කතා සහ ඒවාට ජීවය දෙන නිර්මාණශීලිත්වය අතර නව පාලමක් ගොඩනඟනවා," යනුවෙනි.