මෙරට මෙහෙකාර සේවයේ අවම වයස ඉහළ දමයි

By Wasantha Jul 23, 2021 10:21 AM GMT
Wasantha

Wasantha

Report

මෙහෙකාර සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. 1956 අංක 47 පනත හරහා වයස අවුරුදු 14ට වැඩි ළමුන්ට රැකියා වල නිරත වීම සඳහා අවස්ථාව ලබා දී තිබුනි.

එම වයස් සීමාව පසුගිය ජනවාරි මාසයේ අවුරැදු 16ක් දක්වා ඉහල දමා තිබේ. කෙසේවෙතත් වයස අවුරුදු 16ට වැඩි දරුවන් වුවද අන්තරාදායක රැකියාවන් සඳහා යොමු කිරීමට අවසරයක් නොමැත.

මෙහෙකාර සේවය මේ වෙනවිට අන්තරාදායක රැකියාවක් ලෙස නොසලකන හෙයින් වයස අවුරුදු 16ට වඩා වැඩි දරුවන් මෙහෙකාර සේවය සඳහා යොදා ගැනීමට අවස්ථාව පවතී. 00 මේ හේතුවෙන් මෙහෙකාර සේවය අන්තරාදායක රැකියාවක් ලෙස නම් කිරීමටයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යෝජනා කරන්නේ.

ReeCha