ත්‍රිපෝෂ නිෂ්පාදනය ගැන ගත් අලුත්ම තීරණය මෙන්න. - ත්‍රිපෝෂ ලෝලීන්ට සහ මව්වරුන්ට සුබ ආරංචියක්.

Report

තාවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය, යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මේ අනුව අනුව නිශ්චිත කාල සීමාවකට, දිවයිනේ පෝෂණ අවශ්‍යතා හඳුනාගත් දරුවන් උදෙසා ලබාදීම සඳහා මෙලෙස කොන්දේසි සහිතව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවසර ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මෙහිදී කය සිටියා.

මෝදි පැය 45ක භාවනාවක. - මැතිවරණය අවසන් වෙන්නත් කලින් මෝදි මේ මොකක්ද කරන්න හදන්නේ? - (VIDEO)

මෝදි පැය 45ක භාවනාවක. - මැතිවරණය අවසන් වෙන්නත් කලින් මෝදි මේ මොකක්ද කරන්න හදන්නේ? - (VIDEO)


නියමිත ප්‍රමාණය ඉක්මවා ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට මීටපෙර කටයුතු කර තිබුනා.

ඒ එම වයස් ඛණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩුවිය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබු නිෂ්පාදන හේතුවෙන්.

කෙසේ වෙතත් පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට මෙම ත්‍රිපෝෂ ලබාදීම අවශ්‍ය බැවින් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 5 දක්වා, එලෙස කොන්දේසි සහිතව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී ඇත.

අවම වශයෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමි වයස අවුරුදු 40 ත් 75 ත් අතර අයට ජනපතිවරණයට එන්න අවසර.

අවම වශයෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමි වයස අවුරුදු 40 ත් 75 ත් අතර අයට ජනපතිවරණයට එන්න අවසර.


මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් වෙනත් පෝෂණ ආහාරයක් නිෂ්පාදනය කිරීමට තම සමාගම සුදානම් බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිලධාරීන් මෙහිදී සඳහන් කර සිටියා.

එම නිෂ්පාදනය සිදුකිරීම සඳහා ඇඹරුම් යන්ත්‍රයක් අවශ්‍ය බවත් එය රුපියල් මිලියන 400ක් පමණ වන බවත් එම නිලධාරීන් සංසදය හමුවේ ඔවුන් පැවසූ අතර එම මුදලින් අඩක් හෝ මෙරට රජයෙන් ලබාදෙන්නේනම් ලෝක අහාර වැඩසටහන මගින් ඉතුරු මුදල ලාබ දීමට සුදානම් බව දන්වා ඇති බවයි ලංකා ත්‍රිපෝෂ සමගමේ නිලධරීන් වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මක බැවින් ඉහළ බඩඉරිගු වගා කිරීමේ අවශ්‍යතාවය හා ත්‍රිපෝෂ නිෂ්පදන අවස්ථාව තෙක් එම ගුණාත්මක බව රැකගැනීම සඳහා කලයුතු කාර්යයන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කර තිබෙනවා.  

රන් මිලෙහි අද සිදු වෙනස. - නව මිල ගණන් මෙන්න.

රන් මිලෙහි අද සිදු වෙනස. - නව මිල ගණන් මෙන්න.