"අම්මේ කෑව ද කියලා බත් ටික බෙදා ගන්නේ.." - වසන්තගෙ අම්මා හැඬූ කඳුළින් කීව අවසන් පැතුම.. (VIDEO)

Report

පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ වසන්ත පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) සිදු විය.

ඒ බොරැල්ල කනත්තේ දී ය.

"අම්මේ කෑව ද කියලා බත් ටික බෙදා ගන්නේ.." - වසන්තගෙ අම්මා හැඬූ කඳුළින් කීව අවසන් පැතුම.. (VIDEO) | Last Rites Of Wasantha Perera 13Th July 2024

එහිදී වසන්ත පෙරේරාගේ මව අවමංගල සභාව අමතමින් කියා සිටියේ වසන්ත මෙන් පුතෙකු කිසිඳු අම්මා කෙනෙකුට නොලැබෙන බවයි.

එමෙන්ම, එවැනි පුතෙකු ලැබුණේ තමාට පමණක් බව ද ඇය සඳහන් කළේ ය.

තර්ජන මැද ක්ලබ් වසන්ත අවසන් ගමන් යනකොට මාකඳුරේ මදූෂ්ගේ සොහොන් භූමියෙන් හමුවුණ දෙය මෙන්න..

තර්ජන මැද ක්ලබ් වසන්ත අවසන් ගමන් යනකොට මාකඳුරේ මදූෂ්ගේ සොහොන් භූමියෙන් හමුවුණ දෙය මෙන්න..


කෙසේ වෙතත්, තමා දැන් "මගේ පුතා" කියා නොපවසන බවත් "ඔබතුමාට නිවන්සුව" යැයි ප්‍රාර්ථනා කරන බවත් වසන්තගේ මව සඳහන් කළේ ය.

වැඩිදුරටත් අවමංගල කතාවේ දී ඇය කියා සිටියේ මෙවැන්නකී,

"මේ ලෝකේ අස්ථිර බවත් දන්නවා.මැරෙන බවත් දන්නවා.කම්පා වෙන්න ඕනේ නැහැ කියලාත් දන්නවා.දරුවන්ට හොද තාන්තා කෙනෙක්,බිරිදට හොද ස්වාමියෙක්. මේ තරම් මිනිස්සුන්ට කන්න බොන්න දෙන. මම නම් හිතන්නේ නැහැ අම්මා කෙනෙකුට මෙහෙම දරුවෙක් හම්බ වෙයි කියලා. මුලු ලෝකෙම දාලා ගියා. මම දැන් මගේ දරුවා කියන්නේ නැහැ. අසත්පුරුෂයින් මැද ඉන්න එපා..."

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.