මීට පස්සේ සියලු සෞඛ්‍ය ආයතනවලට මේවා අනිවාර්යයි - රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සඳහා ප්‍රථම වරට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

Report

රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව භාවිත කිරීමට මෙරට රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සඳහා ප්‍රථම වරට සකස් කරන ලද විශේෂ ජල හා විදුලි කළමනාකරණ මාර්ගෝපදේශ මාලාව ඊයේ (21) දින එළිදක්වා ඇත.

ඒ අනුව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී මෙය සිදු කර ඇත්තේ ලෝක බලශක්ති දිනය අද (22) දිනට යෙදීම නිමිත්තෙන්.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රෝගී සුරක්ෂිතතාව, ආසාදන වැළැක්වීම සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි අඛණ්ඩ පැවැත්මට බාධාවක් නොවන ලෙස ජලය හා විදුලිය කළමනාකරණය කිරීම සෑම සෞඛ්‍ය ආයතනයකම අත්‍යවශ්‍ය කළමනාකරණ වගකීමක් බවයි.

අයහපත් කාලගුණික තත්ත්වය මත රාත්‍රීයේ වර්ෂාපතනය වැඩි වුවහොත් තත්ත්වය භයානකයි - මේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණික තත්ත්වය මත රාත්‍රීයේ වර්ෂාපතනය වැඩි වුවහොත් තත්ත්වය භයානකයි - මේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

එමෙන්ම රෝහල්වල ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, රූපණ සේවා, ඖෂධ ගබඩා කිරීමේ ශීත දාම පද්ධති සහ විෂබීජහරණ පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාමට විශ්වාසදායක විදුලි සැපයුමක් අත්‍යවශ්‍ය වන අතර, රෝගී සත්කාරය, සනීපාරක්ෂාව හා ආසාදන වැළැක්වීමට ප්‍රමාණවත් සහ ආරක්ෂිත ජල සැපයුමක් ද අනිවාර්ය බව ඔහු පෙන්වා දී ඇත.

එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම හුදෙක් වියදම් අඩු කිරීමේ ක්‍රියාවලියක් නොව, මහජන මුදල් හා සම්පත් වගකීමෙන් කළමනාකරණය කරමින් ඒවායෙන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමේ ක්‍රමවත් ප්‍රවේශයක් බවයි.

එබැවින් රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර සේවාවන්හි ගුණාත්මකභාවය හා අඛණ්ඩ පැවැත්ම සුරක්ෂිත කරමින් අනවශ්‍ය පරිභෝජනය හා නාස්තිය අවම කිරීමට සියලු සෞඛ්‍ය ආයතන කටයුතු කළ යුතු බව අවධාරණය කර ඇත.

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

තවද මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී සම්පත් ඉතිරි කිරීමේ නාමයෙන් රෝගී සත්කාරයට අත්‍යවශ්‍ය පහසුකම් සීමා නොකර, පවතින පද්ධති වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එහිදී ජල හා විදුලි පරිභෝජනය අධීක්ෂණය කිරීම, පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම සහ හඳුනාගන්නා අඩුපාඩු කඩිනමින් නිවැරදි කිරීම ද වැදගත් බව ද ඔහු පෙන්වා දී ඇත.

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න