අදත් මේ ප්රදේශවලට උදේ 9 සිට වතුර නෑ - සූදානම් වන්නැයි දන්වා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් අනුරාධපුර ප්රදේශ කිහිපයකට අද (22) දින පැය 8ක ජල කප්පාදුවක් සිදුකරන බව නිවේදනය කර ඇත.
ඒ අනුව අද දිනයේ පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා එම ජල කප්පාදුව සිදුකරන බව සඳහන්.
අඳාළ නිවේදනයේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම් අත්හිටුවන බව දන්වා ඇති අතර අනුරාධපුර තුරුවිල ජල පිරිපහදු මධ්යස්ථානය මඟින් වඩාත් ගුණාත්මක ජල සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දීමේ අරමුණින් මෙය සිදුකරන බව සඳහන්.
අයහපත් කාලගුණික තත්ත්වය මත රාත්රීයේ වර්ෂාපතනය වැඩි වුවහොත් තත්ත්වය භයානකයි - මේ ජනතාවට විශේෂ දැනුම්දීමක්
ඒ අනුව ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවන ප්රදේශ ලෙස,
විජේපුර ජල සම්පාදන ක්රමය -විජේපුර, පාලඩිකුලම, නෙළුම් කුලම සහ කවරක්කුලම.
නාච්චාදුව ජල සම්පාදන ක්රමය - නාච්චාදුව, හිදෝගම, තුරුවිල සහ නෙල්ලිකුලම.
තලාව ජල සම්පාදන ක්රමය - තලාව, ශ්රාවස්තිපුර සහ දෙකේ කණුව.
අඩු පීඩන තත්ත්වයක් අපේක්ෂිත ප්රදේශ අනුරාධපුර නගර අදියර II සහ අනුරාධපුර නගර අදියර III
එමෙන්ම ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, ජලය රැස් කරගන්නා ලෙසත්, එම ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන්.