අද මුළු නුවරටම කරන්න යන දේ...මේ අයටත් විශේෂ පෝලිමක්...

By Hashini Apr 27, 2025 02:35 AM GMT
Report

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා ප්‍රකාශ කර සිටින්නේ දින 10 ක් ක්‍රියාත්මක කිරීමෙන් පසු සිරි දළදා වන්දනාව අද පස්වරු 5.30ට නිල වශයෙන් අවසන් කෙරෙන බවයි.

ගතවූ දින 9 පුරා 500,000 කට අධික ජනකායක් දන්ත ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කරගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

එලෙස මහනුවර නගරයට පැමිණි අතිවිශාල පිරිස හේතුවෙන් මහනුවර නගරය කැළිකසලවලින් මේ වන විට අපවිත්‍රවී ඇත.

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අල්ලයි

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අල්ලයි

එබැවින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නගරය කඩිනමින් පිරිසිදු කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන එක්ව ක්ලීන් කැන්ඩි ව්‍යාපෘතිය අද දින පස්වරුවේ සිටම ආරම්භ කරන බවයි.

මේ අතර අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ට සිරි දළදා වන්දනාවට එක්වීමට අවස්ථාව හිමි කරදී තිබිණි.

සිරි දළදා වන්දනාව සාර්ථක කර ගැනීමට එලෙස සහය දැක්වූ කම්කරුවන් ඇතුළු පාර්ශ්වවලට අද දිනයේදී සිරි දළදා වන්දනාව අවසන් කිරීමට පෙර විශේෂ අවස්ථාවක් ලබාදීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා වැඩිදුරටත් පවසනවා.

ප්‍රවීණ ගායන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි