මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අල්ලයි

By Hashini Apr 27, 2025 02:16 AM GMT
Report

මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම තොගය රුපියල් කෝටි 80කට ආසන්න වටිනාකමකින් යුක්ත වනවා. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 580ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට මාලබේ පොලීසිය තොරතුරක් ලැබී තිබුණා.

ප්‍රවීණ ගායන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

ඒ අනුව මෙම වැටලීම සිදුකර එහි සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ ගමන් මල්ලක සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත්තේ.

හෙරෝයින් මත්කුඩු තොගය පාර්සල් 13ක් වශයෙන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 02ක් වශයෙන් තිබූ බව පොලීසිය පවසයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මහර ප්‍රදේශයේ මොරින් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නමක් සඳහන් කර ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගන්නා බවයි. 

ඉරාන වරායේ පිපිරුමෙන් 14ක් මරුට

ඉරාන වරායේ පිපිරුමෙන් 14ක් මරුට