සැඟවී සිටින ලෂ්කර් ත්‍රස්තයාට පොලිසියෙන් වීඩියෝ ඇමතුමක් - යටත් වෙන්නැයි සෘජුවම දැනුම් දෙයි

Report

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ කුල්ගම් දිස්ත්‍රික්කයේදී ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර යළිත් ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර, එහිදී ලෂ්කර්-ඊ-තයිබා (Lashkar-e-Taiba) සංවිධානයේ ප්‍රධාන පෙළේ ත්‍රස්ත නායකයෙකු වන ලතීෆ් භාත් නමැත්තා ආරක්ෂක අංශවල වටලෑමට ලක්ව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ඔහු ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් තුළ සැඟවී සිටින බවයි.

එහිදී ආරක්ෂක අංශ නිලධාරීන් වීඩියෝ ඇමතුමක් ඔස්සේ ඔහු සම්බන්ධ කරගනිමින් යටත් වන ලෙස දැනුම් දී තිබේ.

එහිදී නිලධාරියෙකු ඔහුට පවසා ඇත්තේ, "අපි ඔබ සමඟ සිටිනවා" යනුවෙනි. කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් ලතීෆ් භාත් පවසා ඇත්තේ, "මට අල්ලාහ් හමුවීමට අවශ්‍යයි.

මම ඉතා සතුටින් සිටිනවා" යනුවෙනි. ඒ අනුව ඔහු යටත් වීම ප්‍රතික්ෂේප කර තිබේ. කුල්ගම් දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් ආශ්‍රිතව ආරක්ෂක අංශ මෙහෙයුම් දැඩි කර ඇති අතර, බදාදා අලුයම කාලයේදී ද වෙඩි හුවමාරු සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැඟවී සිටින ලෂ්කර් ත්‍රස්තයාට පොලිසියෙන් වීඩියෝ ඇමතුමක් - යටත් වෙන්නැයි සෘජුවම දැනුම් දෙයි | Lashkar Terrorist Trapped In J K 32 Characters

ලතීෆ් භාත්ගේ සමීපතම සහයකයෙකු වන උමාර් නිසාර් ඩාර් නමැත්තා පසුගිය සඳුදා කුල්ගම් ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් මියගොස් තිබේ.

පසුගිය නොවැම්බර් 11 වැනිදා අක්‍රාන් ප්‍රදේශයේ පිහිටි මධ්‍යම සංචිත පොලිස් බලකායේ (CRPF) මුරපොළකට එල්ල වූ ප්‍රහාරයට ලතීෆ් භාත් සහ උමාර් නිසාර් ඩාර් සම්බන්ධ බවට පොලිසිය සැක පළ කරයි.

ගුවන් සේවා ක්ෂේත්‍රයට අලුත් පෙරළියක් - විදුලි ගුවන් යානයේ පළමු පරීක්ෂණ පියාසැරිය සාර්ථකයි

ගුවන් සේවා ක්ෂේත්‍රයට අලුත් පෙරළියක් - විදුලි ගුවන් යානයේ පළමු පරීක්ෂණ පියාසැරිය සාර්ථකයි

එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබිණි. අදාළ ප්‍රහාරයට පෙර දෙදෙනාම ප්‍රදේශ කිහිපයක සැරිසරමින් ඉලක්ක පිළිබඳ තොරතුරු සොයා බලා ඇති ආකාරය දැක්වෙන CCTV දර්ශන ද පොලිසිය විසින් පසුගිය අඟහරුවාදා මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

පොලිසිය පවසන්නේ නොවැම්බර් 10 වැනිදා ඔවුන් මීර් බසාර්, අක්‍රාන්, හබ්ලිෂ් සහ කිලම් යන ප්‍රදේශවල ඔත්තු බැලීම් සිදුකර ඇති බවයි.

එමෙන්ම, ලතීෆ් භාත්ට පසුගිය මාස පහක හෝ හයක කාලය තුළ නවාතැන් සහ අනෙකුත් පහසුකම් සපයමින් උමාර් නිසාර් ඩාර් සහාය වී ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ අතර, අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල කොටසක් ලෙස පුද්ගලයින් 500කට අධික පිරිසක් ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන ඇති බව ද වාර්තා වේ.

තවද, ලතීෆ් භාත් පසුගිය ජූලි 22 වැනිදා අනන්තනාග් ප්‍රදේශයේදී පොලිසියට එල්ල වූ ප්‍රහාරයකට ද සම්බන්ධ බවට සැක කෙරෙන අතර, එම සිදුවීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

එමෙන්ම, අගෝස්තු 1 වැනිදා කුල්ගම් ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම පිටුපස ද ඔහු සිටින බවට සැක පළ කර ඇත.  

ලොවම මවිත කරමින් රතු මුහුදේ තීරණාත්මක මුහුදු මාර්ගයක බලය හූතින් අතට - සෞදි සහාය ලබන යේමන හමුදා පසුබසියි

ලොවම මවිත කරමින් රතු මුහුදේ තීරණාත්මක මුහුදු මාර්ගයක බලය හූතින් අතට - සෞදි සහාය ලබන යේමන හමුදා පසුබසියි