මෙරට මහා පරිමණ ව්‍යාපෘති කාර්යාල 55ක් වැසීමට සැරසෙයි.
By Wayomi
මෙරට ක්‍රියාත්මක කරන මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළව පිහිටුවා ඇති මහා පරිමණ ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙන එච්.ඊ. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ යෝජනාවාට අනුවයි.
මෙම වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව මහා පරිමාණ ව්‍යාපෘති කාර්යාල 32ක් අත්හිටුවීමටත්, 46ක් අවම වශයෙන් පවත්වාගෙන යාමටත් මෙහිදි යෝජනා වී ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |