දළදා රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් මරුට... විශාල පිරිසක් රෝහලේ

Report

මහනුවර සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

එම නිලධාරීන් මිය ගොස් ඇත්තේ හෘදයාබාද හේතුවෙනි.

මේ අතර මහනුවර සිරි දළදා වන්දනාව සදහා සහභාගී වූ සිවු දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි. පොලිසිය පවසන්නේ ඉන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් කාන්තාවක් ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බවයි.

ප්‍රබල අකුණු ගැන අදත් නිවේදන

ප්‍රබල අකුණු ගැන අදත් නිවේදන

මිය ගිය පුද්ලයන් කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. අම්පිටිය ප්‍රදේශයේ පොලිමේ රැඳී සිට කාන්තාවක සහ පිරිමි අයෙක්, කටුගස්තොට නගරය ආසන්නයේ පෝලිමේ සිටි කාන්තාවක්ද මියගොස් ඇත.

රනිල් අල්ලස් කොමිසමට එන්න දින දෙයි

රනිල් අල්ලස් කොමිසමට එන්න දින දෙයි

මියගිය සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූ අය වේ. මේ අතර මහනුවර රෝහල පවසන්නේ අවසන් දිනයේ රෝගී වූ වන්දනාකරුවන් 420ක් රෝහල්ගත කරන ලද බවත් තවත් විශාල පිරිසකට ප‍්‍රතිකාර ලබා දී ඇති බවත්ය.