කොරෝනා අස්සේ කාටත් හොරා සීඝ්‍ර ලෙස වැඩිවී ඇති ප්‍රධානතම රෝග දෙකක්..භයානක ඇත්තක් එළියට.
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දියවැඩියා රෝගව උත්සන්න වී බොහෝ දෙනකුගේ අක්ෂි රෝග ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහල සඳහන් කරයි.
එහි අධ්‍යක්‍ෂ ධම්මික අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදන වීම හේතුවෙන් දියවැඩියා රෝගීන් බොහෝ දෙනකුට නිසි පරිදි ඖෂධ ලබාගැනීමට සායනවලට සහභාගී වීමට නොහැකි වීමෙන් රෝගී තත්ත්වයන් උත්සන්න වී ඇති බවයි.
දියවැඩියා තත්වය ඉහල යාම අක්‍ෂි රෝගවලට ප්‍රභලව බලපාන නිසා අක්ෂි රෝග අවදානමකද ඉහල ගොස් ඇතැයිද ඔහු පැවසීය. කොරෝනා තත්ත්වය දැනට යම් පාලනයක තිබෙන නිසා ජාතික රෝහලේ අක්‍ෂි රෝග සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර ,කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ බූස්ටර් හෙවත් තෙවන එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. ඊයේ (19) දිනයේ ද පුද්ගලයින් 37,877 දෙනෙකු සඳහා තෙවන එන්නත් මාත්‍රාව ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
ඒ අනුව තෙවන එන්නත් ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 203,733 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද (20) දිනයේ සිට වයස අවුරුදු 20ට වැඩි විවිධ රෝගාබාධ සහ ඌන ප්‍රතිශක්තියක් සහිත පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරුණි.
කොළඹ දිස්ත්‍රික්කයේ එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි කරන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ මහතා,
"අද දින සිට අපගේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ඌන ප්‍රතිශක්තිකරණය සහිත අයවලුන් සඳහා එන්නත්කරණය ආරම්භ කරනවා. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමන් දන්වා ඔබට ඇති ඌන ප්‍රතිශක්තිය සහිත රෝගවලින් පෙළෙන බව. උදාහරණයක් ලෙස දීර්ඝ කාලීනව පවතින වකුගඩු ආසාදන තත්ත්ව, පිළිකා රෝග තත්ත්ව. පිළිකාවලට ප්‍රතිකාර ලබමින් සිටින අය තමන් වෙත රෝගය පිළිබඳව දී ඇති කාඩ්පත සමඟ මේ රෝහල්වලට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට දෙවැනි මාත්‍රාවෙන් මසකට පමණ පසුව ඔබට ෆයිසර් වැක්සීන් එක ලබාගැනීමට අද සිට අවස්ථාව ලබාදී තිබෙනවා."
මේ වනවිට යම්යම් හේතූන් මත දෙවැනි මාත්‍රාව ලබාගෙන නොමැති අය වහාම දෙවැනි මාත්‍රාව ලබාගන්නා ලෙස ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.
පාසල් දරුවන් එන්නත්කරණය කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට එන්නත්කරණය සිදුවී ඇත්තේ 75.83ක් පමණක් බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |