Laptop පරිගණක වල ඇති Recovery Partition එක කියන්නේ මොකක්ද? Laptop එක අලුතින් Partition කළ විට මෙම Recovery Partition එක ඉවත් කර අලුතින් Partition කිරීමට පුළුවන්ද?
Technology
By Dilasha
ලැප්ටොප් එකට අදාළ Drivers වැඩසටහන් සහ එය සමඟ ලැබෙන මෘදුකාංග වල මුල් පිටපත් යනාදිය තැන්පත් කර තිබෙන්නේ මෙම Recovery Partition එක තුළය.
ඒ නිසා මෙය ඉවත් කළහොත් නැවත මෙහෙයුම් පද්ධතිය Install කළ පසු drivers හා අනෙකුත් මෘදුකාංග install කිරීම අපහසු වෙයි.
මේ නිසා එම partition එක ඉවත් කිරීමට අවශ්‍ය නම් ඊට ප්‍රථම එම Recovery Partition එක තුළ ඇති file DVD වැනි මාධ්‍යයකට පිටපත් කර තබා ගත යුතුය.
එවිට එම files වලට වයිරස් හෝ වෙනත් හේතුවක් නිසා හෝ හානි වන්නේ නැත.
මෙසේ ෆයිල් පිටපත් කර තිබේ නම් Recovery Partition එක ද ඉවත් කර අවශ්‍ය ආකාරයට hard disk එකෙහි partition සකස් කර ගත හැකිය.
