ලංකා IOC සමාගමෙන් මෙරට ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Aruna Apr 20, 2023 08:01 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ දැනට පවතින වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වාහනවල ඉන්ධන ටැංකි උපරිම මට්ටමට පිරවීම සිදු නොකරන ලෙසත්, එසේ වුවහොත් පුපුරා යාමේ අවදානමක් පවතින බවත් IOC සමාගම ප්‍රකාශ කළ බවට පළවන වාර්තා අසත්‍ය බව එම සමාගම විසින් දැනුම්දී තිබෙනවා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. ඉංග්‍රීසි භාෂාවෙන් සටහනක් එක් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් හුවමාරු ‌වෙමින් පවතින්නේ, IOC සමාගම විසින් එවැනි අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවටයි.

ඒ අනුව සමාජයේ බොහෝ පිරිසක් අදාළ පුවත සම්බන්ධයෙන් බිය වී සිටි අතර ඔවුන් එය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගන්නා ආකාරයක් ද දක්නට ලැබේ.

ලංකා IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් එය අසත්‍ය පුවතක් බවට සඳහන් කළේ එවන් පසුබිමකය.

මීට අදාල නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery