ගුටිබැට හුවමාරුවක් මැද මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මත වෙයි

Report

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගිය දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මධ්‍යයේ ජාතික ජන බලවේගයට බලය හිමි මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මත කර ගැනීමට පාලක පක්ෂය අද සමත් විය.

සභාපති ජී. සමන් ජයතුංග, උප සභාපති ජයසේන රුද්‍රිගෝ සහ ලේකම් සම්පත් උඩමුල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අයවැය සම්බන්ධ විශේෂ මහ සභා රැස්වීම පැවැත්විණි.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අධිකරණ අභියෝගයක් - අභියාචනාධිකරණයට පෙත්සමක්

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අධිකරණ අභියෝගයක් - අභියාචනාධිකරණයට පෙත්සමක්

කෙසේ වෙතත්, අයවැය සභාව කැඳවීමේ ලිපිය නීති විරෝධී බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධතාවක නිරත වීමත් සමඟ සභාව තුළ කලහකාරී වාතාවරණයක් හටගත් අතර එය දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය විය.

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

එම උණුසුම්කාරී තත්ත්වය මධ්‍යයේ ලේකම් සම්පත් උඩමුල්ල මහතා විසින් ඡන්ද විමසීම සිදුකරනු ලැබූ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට සහභාගි නොවූහ. පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් නව දෙනාගේ සහ ස්වාධීන මන්ත්‍රීවරයෙකුගේ ඡන්දය ඇතුළුව ඡන්ද 10ක් හිමිවීමත් සමඟ අයවැය සභා සම්මත විය.