නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි - ආපදා කලමණාකරන ඒකකයෙන් ඉල්ලීමක්.

Sri Lanka Landslide In Sri Lanka
By krishani Jul 03, 2023 09:38 AM GMT
krishani

krishani

Report

අද (03) අලුයම, අධික වර්ෂාව හේතුවෙන් වටවල පොලිස් වසමට අයත් රොසැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටි තිබෙනවා.

ඒ හේතුවෙන් නිවසේ විසිත්ත කාමරයට සහ විසිත්ත කාමරයේ ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ රැසකට අලාභ හානි සිදු වි තිබෙනවා.

ආපදාවට ලක් වුවන් එම නිවසේ වෙනත් කාමර වල තාවකාලිකව නතර වී සිටියි.

කෙසේවෙතත්, පස් කදු කඩා වැටීම ගැන අවධානමක් පවතින නිසා ඒ පිලිබදව සැලකිලිමත්ව සිටින මෙන් නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.