නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ..
Sri Lanka
TN Weather
Landslide In Sri Lanka
Weather
By Hashini
ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ දිස්ත්‍රික්ක දහයක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව බදුල්ල ,ගාල්ල ,හම්බන්තොට ,කළුතර ,මහනුවර ,මාතලේ ,කෑගල්ල ,මාතර,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
එම නිවේදන අද (13) පස්වරු 4 දක්වා බලපැවැත්වෙනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
