අද හවස 4 ඉඳලා හෙට හවස 4 දක්වා - එම කාලය තුළ ඔබ දැනගත යුතුම පණිවිඩයක් මෙන්න.

Landslide In Sri Lanka Weather Latest Headlines
By krishani May 18, 2024 01:14 PM GMT
krishani

krishani

Report

ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

අද හවස 4 ඉඳලා හෙට හවස 4 දක්වා - එම කාලය තුළ ඔබ දැනගත යුතුම පණිවිඩයක් මෙන්න. | Landslide Warnings 19Th May 2024

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.

ඒ අනුව එම සංවිධානය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ අවධානයෙන් පසුවන මෙන් ය.

මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. දැඩි අවදානයෙන් නිරතුරුවම සිටින්න..

මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. දැඩි අවදානයෙන් නිරතුරුවම සිටින්න..


තවද, පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් ද බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම අනතුරු ඇඟවීමේ නිවේදන අද (18) ප.ව. 4:00 සිට හෙට (19 ) ප.ව. 4:00 දක්වා වලංගු වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ,

බදුල්ල දිස්ත්‍රික්කය:

හල්දුම්මුල්ල

හපුතලේ ⁠

හාලිඇල

⁠බදුල්ල


මහනුවර දිස්ත්‍රික්කය:

යටිනුවර

උඩපලාත

⁠උඩුනුවර

ගග ඉහළ කෝරළය

පස්බාගේ කෝරළය


කෑගල්ල දිස්ත්‍රික්කය:

යටියන්තොට

මාවනැල්ල

දෙහිඹ්විට

බුලත්කොහුපිටිය

ගලිගමුව

වරකාපොළ

කෑගල්ල

දැරණියගල

රුවන්වැල්ල


රත්නපුර දිස්ත්‍රික්කය:

බලංගොඩ

රත්නපුර

ඉඹුල්පේ

කලවාන

කිරිඇල්ල

කුරුවිට

⁠ඇහැළියගොඩ ⁠

අයගම

ඇලපාත

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

හෙට දිනයේ වලංගු වන පරිදි ජනතාවට කලින්ම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

හෙට දිනයේ වලංගු වන පරිදි ජනතාවට කලින්ම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


කෙසේ වෙතත්, වැඩිදුරටත් එම මධ්‍යස්ථානය පැවසුවේ අධික වර්ෂාව, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 47 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 04කට හානි සිදුව තිබෙනවා.

ඒ අතර පුද්ගලයින් 21 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%