ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි
By Aylin Zoya
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.
ජල පෝෂක ප්රදේශවලට පසුගිය 23 වැනිදා ඇදහැලුණු වර්ෂාවත් සමඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබේ.
එම ප්රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැලුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්රීයව විවෘත විය හැකි බව ඉංජිනේරුවෝ සඳහන් කරති.
ඒ අනුව, ඉහළ කොත්මලේ ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචි ජනතාව අවධානයෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ජලාශය භාර ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති.