බූරුවෙකු නිසා යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් අනතුරක - සෙබළෙකු මරුට

By R.rishma Oct 25, 2026 03:24 AM GMT
Report

මන්නාරම - තලෛයිමන්නාරම මාර්ගයේ කීරියන්කුඩිඉරිප්පු ප්‍රදේශයේදී යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වීමෙන් යුද හමුදා සෙබළෙකු මියගොස් තිබේ.

ඊයේ (24) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

සෙල්වරි යුද හමුදා කඳවුරට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ පිරිස පේසාලේ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී එක් සෙබළෙකු මියගොස් ඇති අතර, රියදුරු ඇතුළු අනෙක් තුවාලකරුවන් දසදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහල වෙත මාරු කර යවා ඇත.

මන්නාරම කැළඹූ මාරක අනතුර - යුද හමුදා රථයක් ගැටී සෙබළෙක් ජීවිතක්ෂයට තවත් 11කට තුවාල

මන්නාරම කැළඹූ මාරක අනතුර - යුද හමුදා රථයක් ගැටී සෙබළෙක් ජීවිතක්ෂයට තවත් 11කට තුවාල

බෙංගාල බොක්කේ ප්‍රබල සුළි කුණාටුවක අවදානමක් - ධීවරයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්කේ ප්‍රබල සුළි කුණාටුවක අවදානමක් - ධීවරයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

මියගිය සෙබළා 42 හැවිරිදි වියේ පසුවූ, තලෛයිමන්නාරම සෙල්වරි කාලතුවක්කු කඳවුරට අනුයුක්තව සේවය කළ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය පැවසුවේ තලෛයිමන්නාරම දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් රථය ඉදිරියෙන් මාර්ගය හරහා බූරුවෙකු පැනීම හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගත නොහැකි වී ඇති බවයි.

ඒ අනුව මාර්ගයෙන් ඉවතට පැන ඇති ඩිෆෙන්ඩර් රථය තල් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තලෛයිමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රැකියාවට, ව්‍යාපාරයට, මුදලට සුබද? අද ඔබේ ලග්නයට ලැබෙන ඉඟි මෙන්න

රැකියාවට, ව්‍යාපාරයට, මුදලට සුබද? අද ඔබේ ලග්නයට ලැබෙන ඉඟි මෙන්න