කිරි ගොවීන්ට ඉඩම් දෙන්න ලාල් කාන්තගෙන් සැලසුමක් - රොසිටා ගොවිපළ ගැනත් තීරණයක්

Report

කොටගල ප්‍රදේශයේ කිරි ගොවීන් මුහුණ දෙන ගැටලු සහ අඩුපාඩු පිළිබඳ සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

ඒ අනුව, කොටගල රොසිටා වතුයායේ දේශීය කිරි කර්මාන්තයට ඉහළ දායකත්වයක් ලබාදෙන කිරි ගොවීන්ගේ ගොවිපළ වෙත ගිය අමාත්‍යවරයා, ඔවුන් සමඟ සාකච්ඡා කර පවතින ගැටලු පිළිබඳව විමසා බැලීය. එහිදී කිරි ගොවීන් මුහුණ දෙන අඩුපාඩු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, කොටගල හැරින්ටන් වතුයායේ පවත්වාගෙන යන පෞද්ගලික සත්ත්ව ගොවිපළක් වෙත ද ගිය අමාත්‍යවරයා, එම ගොවිපළ සාර්ථකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළේය. මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සාර්ථකව කිරි ගොවිපළ පවත්වාගෙන යන ගොවීන්ගේ නිෂ්පාදන කටයුතු තවදුරටත් දියුණු කිරීමේ අරමුණින් තෝරාගත් කිරි ගොවීන් කිහිපදෙනෙකු වෙත චෙක්පත් ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ලාල් කාන්ත මහතා කියා සිටියේ';

''නුවරඑළීය දිස්ත්‍රික්කයේ කිරි කර්මාන්තය ඉහළ නැංවීම සදහා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කොටගල රොසිටා ගොවිපලේ වගා නොකර ඇති ඉඩම් කිරි ගොවීන්ට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බවයි. ඉකුත් රජය සමයේ ජාතික පශු සම්පත් මණ්ඩලය ඉන්දියාවට විකුණා තිබියදී වත්මන්
රජය ඉන්දීය රජය සමග සාකච්ඡා කර දෙපාර්ෂවය අතර ඇති කර තිබූ ගිවිසුම් අවලංගු කර ගැනීමට හැකි වූ බවයි.මේ වන විට ජාතික පශු සම්පත් මණ්ඩලය ලාභ ලබන තත්වයට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බවද ලාල් කාන්ත ඇමතිවරයා පැවසීය.
මේ රට සහල්වලින් සවයංපෝෂිත වී ඇති බවත්, සහල් මිල වෙළදපොලේ අඩුවෙන් පවතින බවත්, ඇතැම් සහල් වර්ග මෙරට නිෂ්පාදනය නොකරන ඇතැම් සහල් වර්ග පමණක් විදේශ රටවලින් ආනයනය කරන බවයි ලාල් කාන්ත අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.''