මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. දැඩි අවදානයෙන් නිරතුරුවම සිටින්න..

Report

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් මතුවිය හැකිය.

මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. දැඩි අවදානයෙන් නිරතුරුවම සිටින්න.. | Weather In Sri Lanka 18Th May 2024

ඒ බව වාරිමාර්ග දෙපාර්ථමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කිරම ඔය, ඌරු බොකු ඔය, කලා ඔය, මහවැලි ගඟ, මල්වතු ඔය ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් ගංවතුර අවධානමකට ලක්විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

විමසිල්ලෙන්ම ඉන්න - ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මොකක්ද මේ වෙන්න යන්නෙ?.

විමසිල්ලෙන්ම ඉන්න - ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මොකක්ද මේ වෙන්න යන්නෙ?.


මේ අතර කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් ඇතිවිය හැකි බවයි. 

තව ද, රජරට ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රාජාංගනය ජලාශයේ ජල මට්ටම අඩි 31ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා විය.

ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තිබෙනවා.

ඉන් තත්පරයට ඝණ අඩි 2,100 බැගින් ජලය මුදා හැරෙන අතර අංගමුව ජලාශයේ වාන් දොරටු දෙක ද විවෘත කර ඇති බව වාර්තා විය.

රෑ 8 ඉඳලා හෙට මෙන්න මේ වෙලාව වෙනකම් - වහාම ගත්ත තීරණයක් මෙන්න..

රෑ 8 ඉඳලා හෙට මෙන්න මේ වෙලාව වෙනකම් - වහාම ගත්ත තීරණයක් මෙන්න..


ඒ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

තව ද, ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමග අනුරාධපුර 38 කණුව මහබුලංකුලම ප්‍රදේශයේ කුඹුරු අක්කර 300ක් පමණ ජලයෙන් යටවී ගොස් ඇත. 

කෙසේ වෙතත්, පසුගිය දින කිහිපයේ දී ඇල්ල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග සක්‍රීය වූ කරඳගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම් තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.