හෙට හවස 4 වෙනකම්.. ඔයත් මේ ප්‍රදේශවල ද ඉන්නේ.. වහාම හදිසි දැනුම්දීමක් මෙන්න..
Landslide In Sri Lanka
Weather
Latest Headlines
Decision Making
By krishani
හෙට පස්වරු 4 දක්වා දිස්ත්‍රික්ක 6 කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.
ඒ පවතින වර්ෂාවත් සමගයි.
ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්කවල නායයෑමේ අවධානමක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පනවා තිබූ අදාළ නායයෑම් අනතුරු ඇඟවීම මෙලෙස දීර්ඝ කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් ය.
ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව එම සංවිධානය සඳහන් කළේ ය.
මේ අතර, ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
