අපේක්ෂා කරන්නට නොහැකි වැසි – නාය යෑම් අවදානම ඉහළ යයි!

Report

පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශය, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශය, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ගොඩකවෙල, ඉඹුල්පේ සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ සඳහා මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මීලඟ 24 පැය තුළ ඔබට වෙන්න යන්නේ මේ දේවල් - දැන්ම බලන්න!

මීලඟ 24 පැය තුළ ඔබට වෙන්න යන්නේ මේ දේවල් - දැන්ම බලන්න!

අද  (12) සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහනුවර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්වල්ප වැසි ඇති වීමට ඉඩ ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 50-60ක පමණ තද සුළං ඇති විය හැක.

උපුල් දෙණිය කියන්නේ සාධාරණ නිලධාරියෙක්..ගම්මන්පිල සංවේදී වෙයි.

උපුල් දෙණිය කියන්නේ සාධාරණ නිලධාරියෙක්..ගම්මන්පිල සංවේදී වෙයි.

තද සුළං හේතුවෙන් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!