ආපදා හේතුවෙන් වගා බිම්වල එකතු වූ වැලි ප්‍රවාහනයට බලපත්‍රයක් ඕනෙ
මෙරටට ඇදහැලුණු අධික වර්ෂාපතනයෙන් ඇතිවූ නාය යෑම් හා ගංවතුර තත්ත්වය නිසා වගා බිම් හා කුඹුරු ඉඩම් වල රැස්වූ වැලි ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කර තිබේ.
ඒ වගේම මෙහිදී එම වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ගාස්තු වශයෙන් රජය විසින් මුදලක් අය කරන බවත් සදහන් වේ.
තවද එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් සඳහන් කර ඇත්තේ මෙම කැණීම් කටයුතු සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි .
තවද මෙම වැලි ප්‍රවාහනය මගින් ලැබෙන බලපත්‍ර ගාස්තුව රාජ්‍ය භාගය සේ සලකනු ලබයි එහි ආදායම මහා භාණ්ඩාගාරය වෙත යොමු කෙරෙනු ලැබේ.
ඒ වගේම සාමාන්‍ය පරිදි වැලි කැණීමක් සිදුකිරීමේදී සහ ප්‍රවාහනයේදී ඒ සඳහා භු විද්‍යා හා පතල් කාර්යාංශය විසින් බලපත්‍රයක් නිකුත් කරනු ලැබුවත් මෙම අවස්ථාවේ දී කැණීම් බලපත්‍ර ගාස්තුවෙන් නිදහස් කර ඇත භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය තවදුරටත් සදහන් කරේ.
මෙහිදී වැව් අමුණු හා ගංගා ද්‍රෝණියන්හි රැස්ව ඇති වැලි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට අනුව ලබාදීමට සූදානම් වන බවයි .