බදුල්ලේ පාරක නාය යාමක්

By Gagana News Feb 27, 2025 01:01 PM GMT
Report

පවතින වර්ෂාව සමග ඇටම්පිටිය නගරයේ සිට ඇටම්පිටිය වත්ත 2 කොටස දක්වා යන මාර්ගයේ කොටසක් අද (27) නාය ගොස් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මාර්ගයේ තාර තට්ටුවට යටින් මෙම නාය යාම සිදු වී ඇති බැවින් එම ස්ථානයේ මාර්ගය මත යාම අවදානම් තත්ත්වයක් ඇති වී ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පවසයි.

තැන අල්ලගන්න පාතාල පොරේ... පකිස්තානයත් ගේම් එකේ... අලුත්ම බුද්ධි වාර්තාව

තැන අල්ලගන්න පාතාල පොරේ... පකිස්තානයත් ගේම් එකේ... අලුත්ම බුද්ධි වාර්තාව

නාය ගොස් කැඩී ඇති ස්ථානය සලකුණු කර ඇත. හාලිඇල ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක් මෙසේ නාය යාම සිදු වී තිබේ.