තැන අල්ලගන්න පාතාල පොරේ... පකිස්තානයත් ගේම් එකේ... අලුත්ම බුද්ධි වාර්තාව

By Gagana News Feb 27, 2025 12:37 PM GMT
Report

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී මාකිලංගමුවේ සංජීව නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය වීමත් සමඟ කැලඹිට ලක්ව සිටින සංජීවට හිතවත් පාතාලයේ ප්‍රබලයින් සිය බලය රැක ගැනීමට කෙහෙල්බද්දර පද්මේ සමීප පුද්ගලයන්ට සහ ගෝලබාලයින්ට ප්‍රහාර එල්ලකිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

අධිකරණය තුළ සංජීවට එල්ලකළ මෙම ප්‍රහාරයත් සමඟ පකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන් අතර කෙහෙල්බද්දර පද්මේ ට පිළිගැනීමක් ඇතිවී තිබෙන බවත් ඒතුළින් මෙරට මත්කුඩු ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ලවී තිබෙන බව ත් බුද්ධි අංශ සඳහන් කරයි.

මෙරට පාතාල අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් මත එම පාතාලයේ ප්‍රබලයන්ට විකුණා මුදල් ගෙවීමේ පදනම මත පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් අයිස් සහ හෙරොයින් ලබාදෙන බව ද බුද්ධි අංශ සඳහන් කරයි.

ජනපති හමුදා කැඳවයි

ජනපති හමුදා කැඳවයි

කිලෝ 100ක් වැනි මත්කුඩු තොගයක් මිලදී ගැනීමකදී පිස්තෝල සහ ටී 56 අවි ද පකිස්තානු ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන බවත් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

අධිකරණය තුළදී සංජීවට කළ වෙඩි තැබීමත් සමඟ මෙතෙක් පකිස්තානු ජාවාරම්කරුවන් අතර ඉහළ පිළිගැනීමකට ලක්වූ සෙසු මත්කුඩු ජාවාරම්කරුවන්ට වඩා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලියට පිළිගැනීමක් ඇතිවී තිබෙන බැවින් සෙසු ජාවාරම්කරුවන් කෙහෙල්බද්දර පද්මේගේ කල්ලි සාමාජිකයන්ට පහරදී ඔවුන්ගේ තැන රැක ගැනීමට සැළසුම්කරන බව බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබේ.

අත්අඩංගුවේ ඉන්නේ නියම වෙඩිකරුද ? සැකයක්

අත්අඩංගුවේ ඉන්නේ නියම වෙඩිකරුද ? සැකයක්