සියල්ලන් හඬවමින් දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ නාය යෑම - සොබාදහම මෙතරම් කුරිරු වුණේ කොහොමද?.
By krishani
අද (22) හවස හාලිඇල ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හාලිඇල උඩුවර 06 කනුව ප්‍රදේශයේ කැන්දගොල්ල පතන නාය යෑමකට ලක් විය.
ඒ හේතුවෙන් ඒ ආශ්‍රිත නිවසක වාසය කළ තරුණියන් දෙදෙනෙකු මෙසේ නාය යෑම හේතුවෙන් අනතුරට පත් විය.
තුවාල ලැබූ එම තරුණියන් දෙදෙනා, බදුලු මහ රෝහලට ඇතුළත් කළ අතර රෝහල්ගත කිරිමෙන් අනතුරුව ඔවුන් ජිවිතක්ෂයට පත් විය.
මෙලෙස මිය ගියේ වයස අවුරුදු 18 ක සහ අවුරුදු 21 වයස්වල සිටින දැරියන් දෙපලක් ය.
කෙසේ වෙතත්, මෙම අනතුර සැලවූ වහාම පොලිසිය හා හමුදාව එක්ව අනතුරට පත් දැරියන් දෙදෙනා බේරාගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ය.